Xperia V එකෙන් ලොලිපොප් කමු


සෑහෙන කාලෙකින් ආවේ ඉතින්, මුකුත් දෙන්නත් බැරිඋනා අලුත් දෙයක්, දැන් ඉතින් මං සෑහෙන කාර්‍යබහුල කොල්ලෙක්නේ ඈ .... ツ

                            දැන් කතාවට බහිමුකො ඉතින්,මේකයි සින් ඒක, මේ අපේ සෝනි කොම්පැනියේ ලොකු ලොකු ඈයෝ අපි වගේ පොඩි උන් ගාව තියෙන දුප්පත් පොඩි දුරකතනවලට ලොකු ලොකු අප්ඩේට් එහෙම දෙන්නේ නෑනේ, (පුළුවන්කම තිබිලත් )
ඉතින් හැමෝම දන්නා CyanogenMod සෙට් ඒක දෙයියෝ බලනවා වගේ දෙනවා එකටම හරියන්න අප්ඩේට්,

ඉතින් මේ අප්ඩේට් ඒක, ඒ කියන්නේ නිත්‍යානුකුල එකක් නෙවේ කස්ටම් රොම් එකක්,ඒක ඉතින් ගොඩක් ඒවාට තියෙනවා,අද කියන්න යන්නේ   LT 25i එහෙමත් නැත්තම් Xperia V එකට ආපු කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න හැටි,

එහෙනම් ගේමට බහිමු,




මේකට ඕනි දේවල් : 


  1. FlashTool එක (ගන්න නැත්තම්)
  2. කස්ටම් ෆර්ම්වෙයාර් ඒක (බාගන්න මෙතනින්)
  3. ගූගල් ඇප්ස් පැකේජ් ඒක (මෙතනින් ගන්න)
  4. සුපර් යුසර් Zip ඒක (ගන්න)



* අවවාදයයි : මෙහිදී අත්වන කිසිදු අනතුරකට,දේපල හානියකට හෝ පිපුරුමකට මා වගකියනු නොලැබේ *


### ඔබේ මතකයට : මෙම ක්‍රියාවලියට බුට්ලෝඩරය අනිවාර්යයෙන්ම අන්ලොක් කර තිබිය යුතු වේ ### එසේ නොමැතිනම් මෙතනට යන්න 


පටන් ගමු :

  • ඉස්සෙල්ලම අර බාගත්ත රොම් සිප් එක ඇතුලේ තියෙන boot.img ඒක FlashTool ආධාරයෙන් Fastboot මෝඩ්  ඒක හරහා Flash කරගන්න.
  • ඊටපස්සේ රිකවරි එකට යන්න (Restart කරලා).
  • ෆැක්ටරි රීසෙට් එකක් දීලා සිස්ටම් පාටිශන් ඒක වයිප් කරන්න.
  • දැන් අර බාගත්ත රොම් සිප් ඒක Flash කරන්න.
  • ගූගල් ඇප්ස් පැකේජ් එකත් ඔහොමම Flash කරගන්න.
  • අහ්හ් අමතක් උනා තව අර සුපර් යුසර් එකත් Flash කරගන්න. ;)
  • දැන් දුරකථනය Restart කරලා බලන්නකෝ ( ටිකක් වෙලා යයි ඕන් වෙන්න)


Special Thanks : CyanogenMod Team and WhiteNeo


එහෙනම් අපි ගියා ඔන්න , නැවත හමුවෙනකම් සුභ දවසක් .....! 














2 අදහස්: