වින්ඩොව්ස් 8.1 වලට Fastboot Drivers දාන හැටි


න්න ගොඩ දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න උනේ,එකත් අපේ මේ මුහුනුපොතේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබ්බ නිසා...ඒ තමා වින්ඩෝස් 8.1 වලට Fastboot Drivers වැඩ නැති ඒක,Fastboot කනෙක්ට් කරාම “Windows USB Device (Device failed enumeration)” කියල error එකක් එනව.

 ඉතින් වෙනද වගේ නෙවෙයි අද කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් ආකාරයේ දෙයක්...ඒ තමා වින්ඩොව්ස් 8.1 වලට Fastboot Drivers දාන්නේ කොහොමද කියන ඒක.වැඩි කතා ඕනි නෑ,වැඩට බහිමු....



අපිට මේකට ඕනි දේවල් : 




  1.  ඉන්ටෙල් බේස් වෙච්ච පරිගණකයක්.


  2.  USB 3.0 (මේකට තමා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ)

  3.   සහ ඉවසීම ;) 
* එහෙනම් ඉස්සරලම මේ යටින් තියෙන දේවල් ටික බාගන්නකො,ඒවා අපිට වැදගත් වෙනවා ඉස්සරහට.



                     1.   Intel Official Drivers 

                     2.   INF 1     link1 or link2    
                     3.   INF 2     link1 or link2


* හරි මෙ ටික බාගෙන ඉවර උනාම අර අපි ඉස්සරලම බාපු ඉන්ටෙල් ඩ්‍රයිවර්ස් සිප් ෆයිල් ඒක අන්සිප් කරගන්න කොහෙට හරි .ඒකරලා ඒ අන්සිප් කරපු ෆෝල්ඩර් ඒක ඇතුලේ පහලින් තියෙන පාත් එකට යන්න.

"Intel(R)_USB_3.0_eXtensible_Host_Controller_Driver\Drivers\Win7\x64"

* එකරලා අපි දෙවනියට බාපු අර INF 1 සහ INF 2 කියන ෆයිල් දෙක ඉහත අපි ගියපු පාත් එකට කොපි කරගන්න (රීප්ලේස් කරන්න ඇහුවොත් කරන්න)



*  ඊටපස්සේ ඒ ඉන්ටෙල් ඩ්‍රයිවර් ඒක පරිගණකයට ස්ථාපනය කරන්න .

* දැන් අපිට කරන්න තියෙන්නේ වින්ඩෝස් වල එන ඩ්‍රයිවර්ස් සිග්නේචර් ඒක ඩිසේබල් කරන ඒක,ඒක කරන්න පහත ඇති ආකාරයට .


    1.  වින්ඩෝස් කි ඒක සහ R කි ඒක එකවරම ප්‍රෙස් කරලා RUN වින්ඩොව් එකට යන්න.
එකේ මේ විධානය ටයිප් කරන්න "shutdown.exe /r /o /f /t 00"

    2.  පසුව එන මේනුවෙහි මේ පාත් එකට යන්න  "Troubleshoot –> Advanced options –> Start Up Settings –> Restart"

  3. පසුව සුමුදු ප්‍රතිපන ගැන්වීමකින් අනතුරුව එන මේනුවෙහි "7" ( Disable driver signature enforcement ) ඉලක්කම ප්‍රෙස් කර නැවත පනගන්වන්න .

* පසුව නැවත පෙර කියූ පරිදි RUN වින්ඩොව් එකට යන්න,ඒකෙ "devmgmt.msc විධානය ලබා දී ධාවනය කරන්න.

* දැන් එහි USB සම්බන්දතාවයන් පෙන්වන තැනට ගොස් එය දිගහැරගෙන "Intel USB 3.0 eXtensible controller" යන්න සොයාගන්න.





පසුව එය  දෙපාරක් ක්ලික් කොට එන මේනුවෙහි ඩ්‍රයිවර්ස් යන්න තොරාදෙන්න.එවිට ඔබට මේ වගේ පෙනේවි...





** දැන් එහි "Update Driver"  යන විධානය ලබා දෙන්න,එවිට එන වින්ඩොවෙහි  Browse my computer for driver software යන්න ලබා දෙන්න.පසුව එන වින්දොවෙහි  "Let me pick from a list of device drivers on my computer" ලබා දෙන්න. පසුව "Have Disk" යන්න ලබා දී පහත පියවර අනුගමනය කරන්න .

  1. Install from Disk යන පොප් අප් මෙනුවේ Browse යන්න ලබා දෙන්න .

  2. අපි අර ඉස්සරලා බාපු .inf ෆයිල් දෙක කොපි කරලා තියෙන තැනට (ඩවුන්ලෝඩ් කරපු තැන තියෙන ඒක නෙවේ,අර කොපි/රීප්ලේස් කරපු තැන තියෙන ඒක) ගිහින් "iusb3xhc.inf" ෆයිල් ඒක තෝරලා දීලා ok කරන්න .

  3. එහි එන සියලුම අනතුරු ඇගවීම් පණිවිඩ අතහැර එම ස්ථාපනය කිරීම කරගෙන යන්න.

  4. පසුව පරීගනකය ප්‍රතිපන ගන්වන්න.

* දැන් අයෙමත් පෙර කියූ පරිදි "devmgmt.msc විධානය ලබා දී ඩිවයිස් මැනේජර් වින්ඩෝව විවෘත කරගන්න,එවිට ඔබට පෙනේවි "Unknown device" යනුවෙන් ඇති දෙයක්,

* දැන් එහි උඩ දෙවරක් ක්ලික් කොට එන මේනුවෙහි තුන්වන කොටසට යන්න , දැන් එහි "Details" යන කොටසෙහි ඇති ඒවායෙන් "VID_8086" සොයා ගන්න .එය සිලෙක්ට් කොට එම වින්ඩෝවෙහිම පළමු කොටසට නැවත පැමිණ  "Update Driver"  යන විධානය ලබා දෙන්න.



*  එවිට එන වින්ඩොවෙහි  Browse my computer for driver software යන්න ලබා දෙන්න.පසුව එන වින්ඩෝවෙන් ඔබගේ උපාංගය තහවුරු කරගැනීමට විමසයි , එවිට එහි පහලට ස්ක්‍රෝල් (මවුස් විල් එකෙන් පහලට යෑම ;) ) කොට “Universal Serial Bus Devices” යන්න තෝරා දී පහත පියවර අනුගමනය කරන්න.

   1. Install from Disk යන පොප් අප් මෙනුවේ Browse යන්න ලබා දෙන්න.
   2. අපි අර ඉස්සරලා බාපු .inf ෆයිල් දෙක කොපි කරලා තියෙන තැනට (ඩවුන්ලෝඩ් කරපු තැන තියෙන ඒක නෙවේ,අර කොපි/රීප්ලේස් කරපු තැන තියෙන ඒක) ගිහින් "iusb3hub.inf" ෆයිල් ඒක තෝරලා දීලා ok කරන්න .

   3. එහි එන සියලුම අනතුරු ඇගවීම් පණිවිඩ අතහැර එම ස්ථාපනය කිරීම කරගෙන යන්න.

   4. පසුව පරීගනකය ප්‍රතිපන ගන්වන්න.

*  අවසානයේ නැවත ඩිවයිස් මැනේජර් වෙත ගොස් ඉහත පරිදි USB කන්ට්‍රෝලර් තුල  "Intel(R) USB 3.0 eXtensible Host Controller" යන්න ඩබල් ක්ලික් කොට එහි ඇති ඩ්‍රයිවර්ස් යන මෙනුවට යන්න...

** එවිට එහි තිබු Microsoft ඩ්‍රයිවර් ඒක වෙනුවට Intel යන්න තිබෙනු දැකගත හැකිය 


ඉතින් එහෙනම් මෙච්චර වෙලාවක් මං ලියපු හෑල්ල කියවපු ඔයාලට ඉස්කොතුයි ;) 

ඔන්න ආයෙත් පටන්ගනිල්ලා Android වලට කෙලවන්න වින්ඩෝස් 8.1 වලින්ම.... හැපී ෆ්ලෑෂින්ග් 


" අදහස් යෝජනා/චෝදනා වලට හැමවිටම කමෙන්ට් බොක්ස් එකේ පිහිට පතන්න,අවුලක්ම උනොත් ෆේස්බුක් එකෙන් සම්බන්ධ කරගන්න,හැකි අයුරින් උදව් කරන්නම් "

බොරාට කතා කරන්න : www.Facebook.com/gishanstc


ඔබසැමට දළඳා සමිදු පිහිටයි...!


0 අදහස්: