PC ගේම් ෆෝන් එකෙන් ගහන්න


න්න එහෙනම් ගොඩ දවසකින් මුකුත් කියන්නත් බැරිවුනා නෙව,අද එකටත් එක්ක පට්ට ඇප් එකක් උස්සන් ආව ඔන්න,සමහර ඈයෝ දන්නවත් ඇති..... මේක දන්නේ නැති යට ඔන්න :D

මේකයි සීන් එක... පොඩ්ඩක් බලන්නකෝ මේක


මේ වගේ එහෙකින් ගේම් එකක් ගහන්න තියෙනවනම් ඉතිං වෙන මොනවද නේ (නැති අයට පමණි )......

මේකේ නම Monect Portable

* එහෙනම් වැඩේ පටන් ගමු ඉස්සෙල්ලම අපිට ඕනියි දේවල් ටික බලමු :


     1. WiFi පහසුකම ඇති ගේම් එකක් සහිත කම්පියුටරයක් (කාර් ගේම් එකක්නම් වඩා හොදයි )
මෙය USB කේබලයක් මගින්ද ක්‍රියා කල හැක,එවිට WiFi අවශ්‍ය නොවේ.  
     2. ඔබ WiFi වලින් මෙය භාවිතා කරන්නේනම් WiFI HotSpot එකක් අවශ්‍ය වේ.


  • මේ සදහා "කමාන්ඩ් ප්‍රොම්ප්ට්" මගින් WiFi HP එකක් සෑදිය හැක.
  • එසේ නොදනිනම් වෙනත් ක්‍රමයකින් හෝ මෙම මෘදුකාංගයෙන් එය සාදා ගන්න.


***මෙම HOTzPOT මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කිරීමට අවැසි මුරපදය TxTඩොක් එකෙහි අන්තර්ගත කොට ඇත.***


***ඉතා වැදගත් : මෙම HOTzPOT මෘදුකාංගය පනගැන්වීමේදී මතක ඇතිව එම අයිකන් එක මත රයිට් ක්ලික් කොට  Run as Administrator යන විධානය ලබා දී ඇඩ්මින් බලතල මගින් විවුර්ත කරගන්න ***
      3.WiFi තියෙන Android ෆෝන් එකක් [දැන් හැම එහෙකම තියෙනවනේ ] :D
   
     4. ඇප් එක බාගන්න ඉන්ටර්නෙට් පොඩ්ඩකුත් ඕනියි :P

* හරි එහෙනම් දැන් ඔක්කොම සෙට් නේ එහෙනම් මෙන්න ඇප් එක බාගන්න මෙතනින් :


මාකට් එකෙන් ගන්න අයට :

හොර පාරෙන් ගන්න අයට :  (මේ අය අප්ඩේට් කරගන්න මේක බාගෙන ;) )



* PC එකට ඕනි ඇප් එක : අනිවා ගන්න  


* එහෙනම් හරි වැඩේ.... දැන් මෙහෙම කරන්න :


     1. ඉස්සරලම PC එකට තියෙන එක ඉන්ස්ටෝල් කරගන්න.

     2. ඊටපස්සේ HotSpot එකක් හදාගන්න (CMD එකෙන් හෝ අර ඇප් එකෙන් )


   3. ෆෝන් එකට ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න .

   4. ෆෝන් එකේ WiFi ඔන් කරලා PC එකේ හොට්ස්පොට් එකත් එක්ක කනෙක්ට් කරගන්න.

   5. ෆෝන් එකේ ඇප් එක ඕපන් කරන්න.

   6.ඊටපස්සේ PC එකේ ඇප් එකත් ඕපන් කරගෙන එකේ යටම තියෙන "Install Monect via WiFi"      කියන එක ක්ලික් කරන්න....


  
 7. එතකොට පොප් අප් එකක් එවී , ඒක OK කරලා ෆෝන් එකෙන් Search Host කියන එක දෙන්න .

   8. වැඩේ ගොඩ කනෙක්ට් උනාම මෙහෙම ස්ක්‍රීන් එකක් එයි .(හරි ගියේ නැත්තම් නිවැරදිව උපදෙස් පිළිපදින්න )












මෙන්න මගේ ස්ක්රින්ශෝට් ටිකක් 













එහෙනම් අපි ගියා ඔන්න අවුලක් ගියොත් මට කියන්න.කමෙන්ට් කරන්න හැකි අය අදහස්  කියලම යන්න... ඒක මට මාර සප් එකක්  ;) 
*එහෙනම් සුභදවසක් ආයේ හමුවෙනකම් *


                                                           



3 අදහස්: