෴ USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු ෴

 

USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු

කොහොමද ඉතින් ඔයාලට? මමනං හොදින් ඕං... :D

* අද මම ඔයාලට දුන්න පොරොන්දුවක් ඉටු කරන්න තමා හදන්නේ . එදා මම කිව්වනේ USB On The Go කේබල් එකක් හදන හැටි කියල දෙනව කියලා . අන්න ඒක තමා අද පාඩම... :D
කස්ටිය එහෙනම් හොදට හුස්මක් අරන් එහෙමෙ කියවන්න පටන් ගන්නකෝ :P

මේකට අවශ්‍ය දේවල් :

1. Micro USB ඩේටා කේබල් එකක් (චයිනීස් ඒව ඕනි තරම් තියෙනව කඩේ , ඔරිජිනල් එක එහෙම මේකට ගන්න එපා :P )
2. USB FeMale සොකට් එකක් (අර කම්පියුටරේ අපි පෙන් එක එහෙම ගහන කෑල්ල)

3. බවුත් එකක් (Soldering iron)
4. පිහියක් හෝ බ්ලේඩ් එකක් (කැපෙන ඕනි දෙයක්)




දැන් එහෙනම් වැඩ පටාන් ගමු......

* ඉස්සරවෙලාම අර ඩේටා කේබල් එකේ ෆෝන් එකට කනෙක්ට් කරන පැත්තේ තියෙන සොකට් එක ගලවගන්න. (පිහියෙන් පොඩ්ඩක් පලුදු කරගන්න මේ විදිහට)



* එතකොට ඔයාලට පේනව ඇති පාට පාට වයර් 4ක් , ඒත් අර ජැක් එකේ පින් 5ක් තියෙනවා , එක පින් එකකට වයර් එකක් සම්බන්ද කරලා නෑ , ඔයාලට තියෙන්නේ ඒ මුකුත් සම්බන්ද නොකරපු පින් එකට කලු පාට (BLACK) වයර් එක සම්බන්ද කරපු පින් එක සම්බන්ද කරන එක , එතකොට පින් දෙකකට කලුපාට වයර් එක සම්බන්ද වෙලා තියෙන්න ඕනි . ( පහල තියෙන ෆොටෝ එක බලපුවම මේක තේරුම් ගන්න පුලුවන් )



* හරි දැන් එක පැත්තක් හදාගෙන ඉවරයි , දැන අපි බලමු පෙන් එක ගහන පැත්ත (FeMale සොකට් ) හදාගන්නෙ කොහොමද කියලා .



* එහෙනම් එක පැත්තක් හදා ගත්තු ඩේටා කේබල් එකේ අනිත් පැත්තේ සොකට් එක දුක නැතිව කපල ඉවත් කරගන්න :'( , ඊටපස්සේ අර FeMale සොකට් එකට පහල රූපයේ තියෙන විදිහට වයර් ටික බවුත් කරගන්න .





* ඔන්න එහෙනම් දැන් වැඩේ ගොඩ , USB On The Go කේබල් එකක් හදාගෙන ඉවරයි ඕං .........! :D

 * තව ටිකෙන් අමතක වෙනවා මේකේ පෙන් එක එහෙම වැඩකරන්න ඕනි ඇප් එක ගන්න මෙතනින් යන්න 


*මට අමතක උන දෙයක් එහෙමෙ තිබුනොත් කමෙන්ට් එහෙකින් දක්වන්න , ඔයාලගේ අදහස් එහෙමෙ කියල ගියාට අමනාප නෑ ඕං.......
# කමෙන්ට් එකක් එහෙම දාල මට සප් එකක් දෙන්න හොදේ, ඔන්න එහෙනම් අපි ගියා , ටටා බායි ......

15 අදහස්: