USB On The Go - ෆෝන් එකෙන් පෙන්ඩ්‍රයිව් එකට රිංගීම

                               USB On The Go - ෆෝන් එකෙන් පෙන්ඩ්‍රයිව් එකට රිංගීම  
                                              ( ආදුනිකයින් උදෙසා දැමූ පෝස්ටුවකි )


* ඉතින් ඔන්න අදත් මං මරු ඇප් එකක් ගෙනාව,,හැබැයි මේක වැඩකරන්නනම් ඔයාලගෙ ෆෝන් එක           ROOT කරල තියෙන්න ඕනි, 

  මේකට අවශ්‍ය දේවල් : 

                                     1. OTG කේබල් එකක් 
                                     2. පෙන්ඩ්‍රයිව් එකක් 
                                     3. ඇන්ඩ්‍රොයිඩ්  ෆෝන් එකක් :D 

# OTG කේබල් එකක් කඩෙන් ගන්න වෙනව මේ වැඩේට,කොළඹ පැත්තේ මිල ගනන් නම් කොහොමද දන්නේ නෑ , ඒත් රු.250 - 500 අතර මුදලකට මේක ගන්න පුලුවන් වෙයි ,

( OTG කේබල් එකක් ගන්න අමාරු අයට මේ කේබල් එකක් ගෙදරදිම හදාගන්න හැටි මගේ මීලග පෝස්ටුවෙන් කියල දෙන්නම්කෝ)  

# දැන් අපි වැඩේට බහිමුකෝ ,ඉස්සරවෙලාම මේ  තියෙන ලින්ක් එකෙන් USB OTG Helper සහ Module Loader යන ඇප් දෙක බාගන්න ඕනී. 
( නම උඩ ක්ලික් කරන්න )

# ඊට පස්සේ ඒ ඇප් දෙකම install කරල Module Loader ඇප් එක ඕපන් කරන්න , එතකොට උඩින්ම ඇති System Modules කියල ඒක ඇතුලට ගියාම තියෙනව ටික් දාන්න කොටු ටිකක් , ඒ ඔක්කෝටම ටික් දාල Save Selection දීල ඇප් එකෙන් Exit වෙන්න.




# ඊට පස්සේ ඔයාලගෙ පෙන්ඩ්‍රයිව් එක OTG කෙබල් එකට ගහල කේබල් එකේ අනිත් පැත්ත ෆෝන් එකට සම්බන්ද කරන්න
.
# දැන් වැඩේ අන්තිම හරිය , USB OTG Helper  ඇප් එක ඕපන් කරල පහලින් තියෙන MOUNT බට්න් එක ක්ලික් කරන්න . තත්පර 3කින් විතර PopUp එකක් එයි "Complete action using" කියල. ඒකෙන් ඔයාල ෆෝන් එකට install කරල තියෙන File Manager එකක් තෝරලා දෙන්න ,එතකොට ලස්සනට පෙන්ඩ්‍රයිව් එක ඇතුලෙ තියෙන ෆයිල්ස්  පෙන්වයි.





# එහෙනම් යහලුවනේ USB OTG පහස අත්විදින්නකෝ , අදට මං සමුගන්නවා, 

" USB On The Go කේබල් එකක් ගෙදරදීම " පෝස්ටුවෙන් නැවත හමුවෙමු , එතෙක් ඔබ සැමට ආයුබෝවන් ......!

{ මගේ පෝස්ටුවේ වැරදි,අඩුපාඩු ඇත්නම් ඒ ගැනද  ඔබගේ අදහස්,යෝජනා හා චෝදනා ද කමෙන්ටුවකින් දක්වන්න }

                                        *_ස්තූතියි_* 

6 අදහස්: